කොමාණ්ඩර් ගංගනාත් ජයකොඩි ශ්‍රීලංනානෞ මිහිකත නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ගංගනාත් ජයකොඩි අද (දෙසැම්බර් 24) වැඩ භාර ගන්නා ලදී.

24 Dec 2019

කේරළ ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 23 වන දින පුත්තලම, මොල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 80.25 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

24 Dec 2019

ගංවතුරෙන් විපතට පත් උතුරු මැද ජනතාවට තවදුරටත් නාවික හමුදා සහාය

පසුගිය දිනවල උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට උරදෙමින් සිටින නාවික හමුදාව පසුගිය දින කිහිපයේ සිට මේ දක්වා ගංවතුර හේතුවෙන් අපිරිසිදු වී තිබු පානීය ජල ළිං පිරිසිදු කිරීමට සහ නාවික හමුදා ජංගම ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර මගින් පිරිසිදු ජලය බෙදාහැරිමට කටයුතු කරමින් සිටී.

24 Dec 2019

මදනමෝදක මත්ද්‍රව්‍ය ගුලි 375 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 දෙසැම්බර් 23 වන දින ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී මදනමෝදක නැමැති මත්ද්‍රව්‍ය ගුලි 375 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

24 Dec 2019

බීඩි කොළ කිලෝග්‍රෑම් 46.2 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 දෙසැම්බර් 23 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී බීඩි කොළ කිලෝග්‍රෑම් 46.2 ක් සමඟ පුද්ගලයෙකු(01) නාවික හමුදා බාරයට ගෙන ඇත.

24 Dec 2019