උදාවන නත්තල ඔබ සැමට සාමය හා සතුට පිරි සුභ නත්තලක් වේවා....!

ලොව පුරා කිතුනු බැතිමතුන් අති උතුම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කරමින් අද දින (දෙසැම්බර් 25) නත්තල් දිනය ප්‍රීතිමත්ව සමරණු ලබන අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අදමිරාල් පියල් ද සිල්වා ඇතුළු නාවික පුද්ගලයින් ශ්‍රීලාංකික කිතුණු බැතිමතුන් වෙත සාමය සතුට පිරි සුභ නත්තලක් සඳහා සුභාශිංසන එක් කරණු ලබයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරමින් ලොව පුරා වාර්ෂිකව සමරණු ලබන මෙම උත්සවයේ සැබෑ පරමාර්ථය වන්නේ කිතුණු දහමේ ආධ්‍යාත්මික හරය තුලින් මිනිසාට ආදරය කිරිම සහ සමාව දිම යන උතුම් ගුණාංග ජනතතාව තුල ඇති කිරිමයි.

සාමයේ කුමරුවන් සහ මිනිසාගේ ගැලවුම් කරුවා වශයෙන් කිතිණුවන් ඉතා උතුම් ලෙස පිළිගනු ලබන අති උතුම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් දේශනා කරන ලද විශිෂ්ඨ දහමේ පරමාදර්ශයට අනුව මිනිසා අතර, අසමගිකන් දුරුකර සාමය හා සතුට පිරි සුභ නත්තලක් වේවා....!