වැලිසරදී 69 වන නාවික දිනයට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන නාවික හමුදා දිනය නිමිතිකොට ගෙන වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් 2019 නොවැම්බර් 29 සහ 30 යන දෙදින පැවැත්විණි.

2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව 2019 නොවැම්බර් මස 29 වන දින සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් පැවැත්විණි. මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් සධාතුක කරඬුව වැඩම කරවූ අතර, එම අවස්ථාව අලංකාර පෙරහැරකින් වර්ණවත් විය. සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයෙන් අනතුරුව, ‍නොවැම්බර් 30 වන දින ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක් ද පැවැත්විණි. එහිදී සංඝයා වහන්සේලා විසින් මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ නාවික විරුවන්හට සහ ආබාධිත තත්වයට පත් නාවික විරුවන්හට මෙන්ම වත්මන් නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම නාවික පුද්ගලයන්හට ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු නාවික හමුදා මූලස්ථානයට හා බටහිර විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් ද සහභාගී වී සිටියහ.