නීති විරෝධී මත්පැන් ලීටර් 500 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 නොවැම්බර් මස 29 වන දින ගාල්ල, අම්බලන්වත්ත ප්‍රදේශයේදී දේශීය මත්පැන් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව ගාල්ල, අම්බලන්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවසක් අසල රහසිගතව පත්වාගෙන ගිය මෙම නීති විරෝධී මත්පැන් නිශ්පාදනාගාරය සොයා ගෙන ඇති අතර, එහිදී නීති විරෝධී දේශීය ‍මත්පැන් ලීටර් 500 ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත. තවද, නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි ‍සැකකරුවන් දෙදෙනෙකු (02) ද මෙහිදී අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

එහිදී, ප්ලාස්ටික් කෑන් එකක් සහ මත්පැන් සෑදීම සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් ද සොයා ගෙන ඇති අතර, අත් අඩංගුවට ගත් පුද්ගලයින් 35 වන වියෙහි පසුවන අක්මීමන සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම සැකකරුවන්, දේශීය මත්පැන් තොගය සහ අනෙකුත් උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ගාල්ල, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.