නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍ය, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා 2019 නොවැම්බර් 29 වන දින අරලියගහ මන්දිරයේදී හමුවිය.

මෙම හමුව ගරු අග්‍රාමාත්‍යතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය. පළමුව නාවික හමුදාධිපතිතුමා විසින් අභිනව අග්‍රාමාත්‍යතුමා වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ගරු අග්‍රාමාත්‍යතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.