පතොරම් 05 ක් සහ කේරළ ගංජා ලඟ තබාගත් පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පුත්තලම පොලීසිය එක්ව අද (2019 නොවැම්බර් 29) අළුයම පුත්තලම ප්‍රදේශයේදී පතොරම් 05 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 3.910 ක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05) ‍නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදාව සහ පුත්තලම පොලීසිය එක්ව පුත්තලම ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් පස්දෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, වැඩිදුර සිදුකල පරීක්ෂාවේදි ඔවුන් ලඟ තිබී මිමි 12 වර්ගයේ පතොරම් 05 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 3.910 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. එහිදී මෙම සැකකරුවන් නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙම සැකකරුවන් පුත්තලම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් කේරළ ගංජා ප්‍රමාණය, පතොරම් සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.