බීඩි කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 29) අළුයම ඉළුප්පුකඩවායි වෙර‍ළේ සිදුකළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 303 ග්‍රෑම් 900 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදාව විසින් ඉළුප්පුකඩවායි වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී වෙරළේ අතහැර දමා ගොස් තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් අටක් (08) තුල අසුරා තිබියදී මෙලෙස සොයාගෙන ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගු කාර්යයාලය වෙත භාර දීමට නියමිතය.

එමෙන්ම, පසුගිය දින කිහිපය පුරා උතුරු මැද නාවික විධානය සිදු කළ සෝදිසි කිරීම්වලදී මෙලෙස අතහැර දමා ගොස් තිබූ බීඩි කොළ විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වූ අතර, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් මෙම බීඩි කොළ තොගය අතහැර දමා පලායන්නට ඇති බවට සැක පළ කෙරේ. තවද, සාගරය භාවිතා කරමින් සිදු කරනු ලබන ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයයෙන් සිටී. මේ වන විට නාවික හමුදාව බාරයට ගත් බිඩී කොල තොගය ටොන් 50 ඉක්මවයි.