ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2019

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය නොවැම්බර් මස 04 වන දින සිට 08 වන දින දක්වා දකුණු නාවික විධාන, ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පවත්වන ලදී.

ඒ අනුව, සියළු නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වූ අතර දින 5 ක් පුරා පැවැති මෙම තරඟාවලියේදී තියුණු තරඟ වලින් අනතුරුව සමස්ථ තරඟාවලියේ පිරිමි ශූරතාවය දියත් විධානය හිමිකර ගත් අතර, අනුශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය. මෙහි සමස්ථ තරඟාවලියේ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය හිම් කර ගත් අතර අනුශූරතාවය දකුණු නාවික විධානය විසින් හිමිකර ගන්නා ලදී.

තවද, අන්තර් විධාන මේස පන්දු තරඟාවලියේ සමාප්ති උළෙල සහ ත්‍යාග ප්‍රදානොත්සවය 2019 නොවැම්බර් මස 08 වන දින ආඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් ෆ්රෙඩ් සෙනවිරත්නගේ ප්‍රදානත්වයෙන් පැවැති අතර, මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් රැසක් සහභාගිවි සිටියහ.