මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 ඔක්තෝබර් 30 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ගංජා ග්‍රෑම් 815 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

දකුණු නාවික විධානය සහ ගොන්නෝරුව, පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව හම්බන්තොට ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හම්බන්තොට රෝහල අසල මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු ත්‍රිරෝද රථයක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම ත්‍රිරෝද රථය පරීක්‍ෂාවට ලක් කිරීමේදී ත්‍රිරෝද රථයේ සඟවා තිබු මෙම ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත. ඒ අනුව, මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් අවුරුදු 48 සහ 64 වන වියෙහි පසුවන කතරගම සහ හම්බන්තොට ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන්, ත්‍රිරෝද රථය සහ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.