නාවික හමුදා කථික තරඟාවලිය 2019 කොළඹදී සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මගින් සිව්වන වරටත් සංවිධානය කරනු ලැබු 2019 නාවික හමුදා කථික තරඟාවලිය 2019 ඔක්තෝබර් 29 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රම’ ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. ඒ සඳහා සියළුම විධානයන් නියෝජනය කරමින් නිලධාරින් හා නාවිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

නාවික හමුදා නිලධාරීන්ගේ කථන හැකියාව වැඩිදියුණු කිරීම මූලික කර ගනිමින් ආරම්භ කරන ලද මෙම තරඟාවලිය ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් වශයෙන් කාණ්ඩ දෙකක් (02) යටතේ සංවිධානය කර තිබිණී. එම කාණ්ඩ ද්විත්වයෙන්ම ජයග්‍රහණය කල පළමු, දෙවන හා තෙවන ස්ථානයන් සඳහා පිළිවෙලින් රුපියල් 100,000.00, 75,000.00 සහ 50,000.00 බැගින් මුදල් ත්‍යාග සහ සහතිකපත් පිළිනැමීම නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හා ස්වේච්ජා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුජිව පෙරේරා අතින් සිදු කෙරිණි.

ඒ අනුව පහත සඳහන් නිලධාරින් අදාල කාණ්ඩයන් යටතේ ජයග්‍රහනය තහවුරු කර ගැනීමට සමත් විය.


ජ්‍යේෂ්ඨ නිලධාරි අංශය

ප්‍රථම ස්ථානය - ලුතිනන් කොමාණ්ඩර් (සැපයුම්) එම්ආර් කුරේරා (බටහිර නාවික විධානය)

දෙවන ස්ථානය - ලුතිනන් කොමාණ්ඩර් (සංඥා) ආර්එම්සීඩි රත්නායක (දකුණු නාවික විධානය)

තෙවන ස්ථානය - ලුතිනන් කොමාණ්ඩර් (සංඥා) කේඑච් වන්නිආරච්චි (නැගෙනහිර නාවික විධානය)


කණ්ෂ්ඨ නිලධාරි අංශය

ප්‍රථම ස්ථානය - ලුතිනන් යුඑස් හෙට්ටිආරච්චි (බටහිර නාවික විධානය)

දෙවන ස්ථානය - ලුතිනන් ජේඑම්එස්ආර් ජයවර්ධන (නැගෙනහිර නාවික විධානය)

තෙවන ස්ථානය - ලුතිනන් ටිසි වීරසිංහ (නැගෙනහිර නාවික විධානය)

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් නන්දන ජයරත්න, අධ්‍යක්ෂ නාවික විශේෂ බලකා, කොමදෝරු ප්‍රියන්ත පෙරේරා, ශ්‍රි ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ඩන්කන් මදර්සීල් මහතා සහ එම ආයතනයේ වෘත්තීය නියෝජ්‍ය පුහුණු මධ්‍යස්ථාන කළමණාකාරිනි, හෙලන් සයික්ස් මහත්මිය යන පිරිස මෙම තරඟාවලියේ විනිෂ්චය මණ්ඩලය ලෙස කටයුතු කල අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, කොමදෝරු ප්‍රසාද් කාරියප්පෙරුම සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් සහභාගි වි සිටීයහ.