නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 19 වන දින මිගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි 43600 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය සහ මිගමුව, පොලිසිය එක්ව මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 2180 ක් සමඟ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදි. එහිදී දුම්වැටි 43600 ක් තිබී සොයා ගෙන ඇති අතර, ඒවා අලෙවි කිරීම සඳහා නිවසක් තුල සඟවා තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අවුරුදු 23 වන වියෙහි පසුවන මිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල පුද්ගලයා සහ නීති විරෝධී දුම්වැටි තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු මිගමුව, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

තවද, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට සමත්ව ඇත.