කේරළ ගංජා කිලෝග්‍රෑම් 221.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව අද (ඔක්තෝබර් 19) අළුයම වෙත්තලකර්නි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 221.8 සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව උතුරු නාවික විධානය සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව අද අළුයම වෙත්තලකර්නි වෙරළ තීරය ආශ්‍රිතව සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදි සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී ඩිංගි යාත්‍රාව පරික්‍ෂාවට ලක් කිරීමේදී එහි තිබි සැක කටයුතු උර 6 ක් නාවික හමුදාව නිරික්‍ෂණය කර ඇති අතර, එහි තිබි කේරළ ගංජා සහිත කුඩා පාර්සල් 89 ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇති අතර, අනතුරුව මෙම සැකකරුවන් සහ ඩිංගි යාත්‍රාව නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇත.

එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා කන්කසන්තුරෙයි, පොලිසිය වෙත භාරදීමට නියමිතය