මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ බෝම්බ කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 18 වන දින මාමුනේ, චැම්පියන්පත්තු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ බෝම්බ කිහිපයක් සොයා ගන්නා ලදී.

උතුරු නාවික විධානය විසින් මාමුනේ, චැම්පියන්පත්තු ප්‍රදේශයේ සිදු කල සොද්සි කිරීමකදී මෙම බෝම්බ කිහිපය මෙලෙස සොයා ගැනීමට සමත්ව ඇති අතර, එහිදී පළුදුවී තිබූ මිමී 81 වර්ගයේ මෝටාර් බෝම්බ 01 ක්, මිමී 40 ආරුල් වර්ගයේ බෝම්බ 01 ක්, මිමී 152 ආර්ටි (ARTI) හිස් පතොරම් 01 ක් සහ බැංගලෝර් ටෝපිඩෝ 02 ක් සොයා ගෙන ඇත.

තවද, මෙම බෝම්බ කිහිපය මානුෂිය මෙහෙයුම් සමයේදී ත්‍රස්තවාදීන් විසින් අතහැර දමා ගොස් ඇති බවට සැක පල කරන අතර, අදාල බෝම්බ කිහිපය ආරක්‍ෂිතව නාවික හමුදා භාරයේ තබා ඇත.