නාවික හමුදාව වක්වැල්ල සහ අගලිය පාලම් යට සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කරයි

ගාල්ල, වක්වැල්ල පාලම සහ අගලිය පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙයෙහුමක් නාවික හමුදාව 2019 ඔක්තෝම්බර් 17 වන දින ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, ගිං ගඟ හරහා වැටී ඇති වක්වැල්ල පාලම සහ අගලිය පාලම යට අපද්‍රව්‍ය විශාල වශයෙන් සිර වී ගඟ දෙපස නිවාසවල ජිවත්වන ජනතාව ඉදිරියේදී ගං වතුර අවදානමකට ලක්ව සිටි අතර, ඊට පිළියමක් වශයෙන් ආපදාවට පෙර එම අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීම සඳහා නාවික හමුදාව කටයුතු කරන ලදී.

මෙම ක්‍රියාන්විතය සඳහා දකුණු නාවික විධානයට අයත් නාවික හමුදා කිමිදුම් සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට අයත් කණ්ඩායම් අනුයුක්ත කරන ලද අතර, ඔවුන් විසින් එම අපද්‍රව්‍ය ඉවත් කර ජලය බාධාවකින් තොරව බැස යන පරිදි යථාතත්වයට පත් කිරීමට මෙහිදී කටයුතු කරන ලදී.


ගාල්ල, වක්වැල්ල පාලම තුල තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙයෙහුම


ගාල්ල, අගලිය පාලම තුල තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙයෙහුම