යාපනය, අලියාවලයි ප්‍රදේශයෙන් පතොරම් කිහිපයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් යාපනය, අලියාවලයි ප්‍රදේශයේ අද (සැප්තැම්බර් 29) සිදු කළ සෝදිසි මෙහෙයුමකදි පතොරම් කිහිපයක් සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් යාපනය, අලියාවලයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී වල දමා තිබු මෙම පතොරම් කිහිපයක් සොයා ගෙන ඇති ‍ අතර, එහිදී ටී 56 ගිනි අවි සඳහා භාවිතා කරනු ලබන මිමි 7.62 x 39 පතොරම් 41 ක් මෙලෙස සොයා ගෙන ඇත.

සොයා ගන්නා ලද පතොරම් භාවිතා කිරීමට නොහැකි වන පරිදි මල බැදි තිබූ අතර, ඒවා මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ මෙම ප්‍රදේශයේ වල දමා ගොස් ඇති බවට සැක පළ කෙරේ.