නාවික හමුදා ‘නීල හරිත පාරාදීසය’ කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

‘නීල හරිත පාරාදීසය’ නමින් හැදින්වෙන ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2019 සැප්තැම්බර් 28 වන දින නාවික හමුදාව විසින් පවත්වන ලදී.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහය විසින් නාවික තඨාකාංගණය තුල පිහිටි සෝබර් දුපත ආශ්‍රිත වෙරළ තීරය මෙලෙස පිරිසිදු කිරීමට කටයුතු කරන ලද අතර, ඒ සඳහා නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.එහිදී දුපත වටා වූ වෙරළ තීරයෙහි විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු කැළිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.