නීති වි‍රෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 28 වන දින මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණයවීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, ‍ඌරුමලෙයි වෙරළ තීරයේදී සැක කටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, එහිදී සිදු කල පරීක්‍ෂා කිරීමේදී එම යාත්‍රාව ඉන්දියාවේ ලියාපදිංචි යාත්‍රාවක් බවට කරුණු අනාවරණය කර ගෙන ඇත. ඒ අනුව, නාවික හමුදාව විසින් එම සැකකටයුතු යාත්‍රාවේ සිටි පුද්ගලයින්ගෙන් සිදු කල ප්‍රශ්ණ කිරීමේදී මෙම පුද්ගලයින් මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වීමට උත්සහ කරන ලද පුද්ගලයින් බව හඳුනාගෙන ඇත. තවද, මෙම පුද්ගලයින් 2008 වර්ෂයේදී නීති විරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලංකික පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදා බාරයට ගත් සැකකරුවන් තලෙයිමන්නාරම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනය වෙත රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමධාර සහ වෛද්‍ය පහසුකම් සැපයීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම සැකකරුවන් තලෙයිමන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, ඉන්දීය යාත්‍රාව නාවික හමුදා බාරයේ තැබීමට කටයුතු කර ඇත.