ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය 2019 සැප්තැම්බර් 27 වන දින නැගෙනහිර නාවික විධාන ටෙනිස් ක්‍රිඩා පිටියේදී පවත්වන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහභාගී වීය.

‍‍‍මෙම තරඟාවලිය සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගීවී සිටියහ. ඒ අනුව, සමස්ථ තරඟාවලියේ ශූරතාවය බටහිර නාවික විධානය විසින් හිමිකර ගත් අතර, එහි අනුශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් හිමිකර ගන්නා ලදී.