නාවික හමුදාව තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2019 සැප්තැම්බර් 27 වන දින උතුරු නාවික විධානය තුල ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් මර්සන්කුඩාල් හා සම්බිලිතුරෛයි අතර වෙරළ තීරය සහ සෙට්ටියාර්කුලම් වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර, ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරයන් නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට හැකි විය.

එමෙන්ම, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී සිටින අතර, සතිපතා සියළුම නාවික කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.