ග්ලයිෆොසේට් අඩංගු පොහොර තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 26 වන දින මැදවච්චිය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු පොහොර තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය සහ සෙට්ටිකුලම, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මැදවච්චිය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී ග්ලයිෆොසේට් අඩංගු ඇමෝනියා පොහොර පැකට් 186 ක් (කිලෝග්‍රෑම් 18.6) සොයා ගැනීමට සමත්ව ඇත. මෙම පොහොර තොගය‍ වෙළඳසැලක් තුල විකිණිම සඳහා සුදානම් කර තිබියදි මෙලෙස සොයා ගෙන ඇති අතර, එහිදී වෙළදසැලෙහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයා සහ නීති විරෝධී පොහොර තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අනුරාධපුර, කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.