කෝකිලායි, කල්ලරාව හංදිය ප්‍රදේශයෙන් අත් බෝම්බයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 25 වන දින කෝකිලායි, කල්ලරාව හංදිය ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අත් බෝම්බයක් සොයා ගන්නා ලදී.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් කෝකිලායි, කල්ලරාව හංදිය ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අත් බෝම්බයක් මෙලෙස සොයා ගෙන ඇති අතර, මෙම අත් බෝම්බය මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ මෙම ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කෙරේ.