අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ මන්නාරම, පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2019 සැප්තැම්බර් 24 වන දින මන්නාරම, සිරිනවට්ටකුලම් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ ජාවාරම්කරුවකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ මන්නාරම, පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව මන්නාරම, සිරිනවට්ටකුලම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි සැක කටයුතු ත්‍රිරෝද රථයක් නිරික්‍ෂණය කර ඇති අතර, එම රථය පරික්‍ෂා කිරීමේදී එහි තුල තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් සොයා ගැනීමට සමත්ව ඇත. ඒහිදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදි කළ වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරු එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව හදුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වසය අවුරුදු 30 ක් වන මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා, ත්‍රිරෝද රථය සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.