‘අපි වෙනුවෙන් අපි’ සහ ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතියේ ප්‍රේශණ පත් ප්‍රදානය කෙරේ

ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘අපි වෙනුවෙන් අපි’ සහ ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 170 දෙනෙකු හට ප්‍රේශණ පත් ප්‍රදානය කිරීම අද (2019 සැප්තැම්බර් 19) සිදු කෙරුණි.

ඒ අනුව, නාවික පුද්ගලයින් 105 දෙනෙකු සඳහා ‘අපි වෙනුවෙන් අපි’ අර්ධ නිවාස ව්‍යාපෘතියේ 8 වන අධියරේ තෙවන වාරිකය වෙනුවෙන් ප්‍රේශණ පත් හිමිකර ගත් අතර, ‘අපි වෙනුවෙන් අපි’ අර්ධ නිවාස (විශේෂ) ව්‍යාපෘතියේ යටතේ නාවික පුද්ගලයින් 61 දෙනෙකු ප්‍රේශණ පත් හිමි කර ගන්නා ලදී. එමෙන්ම නාවික පුද්ගලයින් 04 දෙනෙකු සඳහා ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතියේ තෙවන වාරිකය වෙනුවෙන් ප්‍රේශණ පත් ප්‍රදානය කිරීම ද එහිදී සිදු කරන ලදී.

එම ප්‍රේශණපත් නාවික පුද්ගලයින් හට පිරිනැමිමේ අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, කොමදෝරු සෙනරත් විජේසූරිය ඇතුළු නාවික හමුදා සුභසාධක අංශයේ නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.