ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු (05) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (සැප්තැම්බර් 18) නාවික හමුදා බාරයට ගෙන ඇත.

18 Sep 2019

ඌරගස්මංහන්දිය හොරවල තොටුපල අසල දියේ යටවී තිබූ යතුරු පැදි දෙකක් ගොඩට ගැනීමට නාවික හමුදා සහාය

ඌරගස්මංහන්දිය හොරවල තොටුපල අසල දියේ යටවී තිබූ යතුරු පැදි දෙකක් ගොඩට ගැනීමට අද (සැප්තැම්බර් 18) නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

18 Sep 2019

අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ගෞරවනීය නිලයෙන් අභිෂේක ගැන්වීමේ උත්සවය සැප්තැම්බර් 19 වන දින කොළඹදී

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ ජ්‍යේෂ්ඨ නිලධාරීයා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන ගෞරවනීය නිලයෙහි අභිෂේක ගැන්වීමේ උත්සවය 2019 සැප්තැම්බර් 19 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

18 Sep 2019