ඌරගස්මංහන්දිය හොරවල තොටුපල අසල දියේ යටවී තිබූ යතුරු පැදි දෙකක් ගොඩට ගැනීමට නාවික හමුදා සහාය

ඌරගස්මංහන්දිය හොරවල තොටුපල අසල දියේ යටවී තිබූ යතුරු පැදි දෙකක් ගොඩට ගැනීමට අද (සැප්තැම්බර් 18) නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

ඌරගස්මංහන්දිය හොරවල තොටුපල හරහා ඇති අඟුල පෙරලිම හේතුවෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 06 දෙනෙකු සහ යතුරු පැදි දෙකක් දියට වැටි ඇති අතර, දියට වැටුණු එම පුද්ගලයින් ප්‍රදේශවාසින් විසින් බේරා ගැනීමට කටයුතු කර ඇත. දියට වැටුණු යතුරු පැදි දෙක ගොඩට ගැනීමට ඌරගස්මංහන්දිය, පොලිසිය විසින් නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක ගේ සහාය ඉල්ලා සිටින ලද අතර, ඒ සඳහා දකුණු නාවික විධානය‍ට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව කිමිදුම් කණ්ඩායම විසින් යතුරු පැදි දෙක ගොඩට ගැනිමෙන් අනතුරුව යතුරු පැදි දෙක ඌරගස්මංහන්දිය, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.