ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සමගාමිව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ මුලිකත්වයෙන් අද (සැප්තැම්බර් 17) කොළඹ, ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

එහිදී, වෙරළ තීරයේ පැවැති අහිතකර පොලිතීන්, ප්ලාස්ටික් සහ දිරාපත් නොවන ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කරන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා නිලධාරින් සහ නාවිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මිට අමතරව 2019 සැප්තැම්බර් 16 වන දින සිට සැප්තැම්බර් 21 වන දින දක්වා යෙදි ඇති ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සමගාමිව සියළු නාවික හමුදා විධානයන් කේන්ද්‍ර කරගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

තවද, නාවික හමුදාව විසින් සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබන අතර, එමඟින් මතු පරපුර වෙනුවෙන් සාගර පරිසර පද්ධතිය සුරක්‍ෂිත කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.


ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් නැගෙනහිර නාවික විධානයේ දායකත්වය


ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් බටහිර නාවික විධාන දායකත්වය


ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් උතුරු මැද නාවික විධාන දායකත්වය


ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් දකුණු නාවික විධාන දායකත්වය