තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 16 වන දින උඩප්පුව, මුන්දලම කලපු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

වයඹ නාවික විධානය විසින් උඩප්පුව, මුන්දලම කලපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබූ තහනම් දැලක් සහ ලියාපදිංචි නොකළ කුඩා යාත්‍රාවක් සොයාගෙන ඇත. එම දැල සහ කුඩා යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.