ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ගෝලීය අවශ්‍යතා පිළිබඳ සහකාර ලේකම් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ගෝලීය අවශ්‍යතා පිළිබඳ සහකාර ලේකම්, ජැරොඩ් හොවාර්ඩ් මහතා අද (සැප්තැම්බර් 17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.

එහිදී, ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමා විසින් හොවාර්ඩ් මහතා හට සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.