‘නාවික සඟරාව’ (Navy Journal) පස්වන වෙළුමේ පලමු කලාපය එළිදකී

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික සඟරාව’ (Navy Journal) පස්වන වෙළුමේ පලමු කලාපය එහි ප්‍රධාන කතෘ කපිතාන් ප්‍රසාද් කාරියප්පෙරුම විසින් අද (සැප්තැම්බර් 16) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිළිගැන් වීය.

එම අවස්ථාව සඳහා නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී, කොමාණ්ඩර් දිනේෂ් කරුණාරත්න ඇතුළු නාවික සඟරාවෙහි සංස්කාරක මණ්ඩලය ද සහභාගි විය. තවද, නාවික පුද්ගලයන්ගේ පර්යේෂණ දැනුම පුළුල් කිරීම අරමුණ කරගනිමින් මෙම නාවික සඟරාව ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ සඳහා සියළු නාවික පුද්ගලයින්ට සිය පර්යේෂණාත්මක ලේඛණ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත. එමඟින් නාවික පුද්ගලයින්ගේ ලේඛණ හැකියාවන් වර්ධනය කරලීම මෙයින් අපේක්‍ෂා කෙරේ.