වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව විසින් උස්වැටකෙයියාව වෙරළ තිරයේදී පවත්වයි

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් අද (සැප්තැම්බර් 05) උස්වැටකෙයියාව වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

ඒ අනුව, බටහිර නාවික විධානය මඟින් සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනේදී වෙරළ තීරයෙහි සුන්දරත්වයට හානිවන අයුරින් විසිරී තිබූ ප්ලාස්ටික් ඇතුළු කැලිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී.

තවද, දිවයින වටා වෙරළ තීරය ආවරණය වන පරිදි සෑම නාවික විධානයකම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නීල හරිත පාරිසරික සංකල්පය යටතේ මෙවැනි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් නාවික හමුදාව සිදු කරනු ලබයි.