නාවික හමුදාධිපතිතුමා අලුතින් ඉදිවන ශ්‍රීලංකා නාවික නෞකා උත්තර ආයතනයේ නව ජැටිය නිරික්ෂණය කිරිමේ චාරිකා වාරයක නිරත විය

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා උතුරු නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙමින් ශ්‍රීලංකා නාවික නෞකා උත්තර ආයතනයේ නෞකා සහ යාත්‍රා නවතා තැබිමට හැකිවන පරිදි අළුතින් ඉදිකරනු ලබන ජැටිය නිරික්ෂණය කිරිමේ චාරිකාවාරයක නිරත විය. මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානය නියෝජනය කරමින් නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බන්දුල සේනාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් සහභාගි වි සිටියහ.