මුහු‍දේ ගිලෙමින් සිටි තිදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 30) හික්කඩුව හා සීනිගම අතර මුහුදු ප්‍රදේශයේ අනතුරට ලක් වු ධීවර යාත්‍රාවක මුහුදේ ගිලෙමින් සිටි ධීවරයන් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

ඒ අනුව දකුණු නාවික විධානය වෙත හික්කඩුව පොලිස් ස්ථානය මගින් කල දැනුම් දීමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමක් හික්කඩුව ප්‍රදේශයට පිටත් කර හරින ලද අතර, එහිදී අනතුරට ලක්ව තිබු ධීවර යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙකු මුහුදේ ගිලෙමින් සිටියදි මුහුදේ රළු ස්භාවය හමුවේ උවද නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට ජීවිතාරක්ෂක කණ්ඩායම සමත් විය.

තවද, ශ්‍රීලංකාවට අයත් සාගර කලාපයේ ආපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාව වෙත සහන සැලසිම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි.