කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 650 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 අගෝස්තු 29 වන දින මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 650 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැකකටයුතු පුද්ගලයන් තිදෙනෙකු (3) නිරීක්ෂණය කර ඇත. එම පුද්ගලයන් වැඩිදුර පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී මෙම කේරළ ගංජා තොගය පාර්සල් දෙකක (2) අසුරා තිබියදී සොයා ගන්නා ලදි.

මෙම සැකකරුවන් වයස අවුරුදු 18,26 සහ 43 වන වියෙහි පසුවන උදයපුරම්, මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, එම සැකකරුවන් සහ කේරළ ගංජා තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.