පුපුරණ ද්‍රව්‍යයැයි සැක කෙරෙන පාර්සලයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය එක්ව 2019 අගෝස්තු 21 වන දින යාපනය, අලියාවලෙයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් මෙහෙයුමකදි දිය යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන පාර්සලයක් සොයා ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය සහ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලෙයි, මුහුදු ප්‍රදේශයේ සිදු කල කිමිදුම් මෙහෙයුමකදි දිය ය‍ට සඟවා තිබූ වැලි සමඟ මිශ්‍රිත පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන කිලෝග්‍රෑම් 15 ක බරකින් යුත් පාර්සලයක් මෙලෙස සොයාගෙන ඇත. පසුව එම පාර්සලය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාර දෙන ලදි.