ගිනි නිවීම හා ආපදා මර්ධනය පිළිබඳව ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් ගාල්ල වරාය පරිශ්‍රයේදී

ගාල්ල ජාත්‍යන්තර වරායේ වරාය පහසුකම් හා ආරක්ෂාව සැපයීමේ යාත්‍රා වල සේවය කරන පුද්ගලයින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ගිනි නිවීම හා ආපදා මර්ධනය පිළිබඳව ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් අද (ජූලි 31) ගාල්ල වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.

ගාල්ල වරාය පහසුකම් සහ ආරක්ෂක නිලධාරි, කොමදෝරු අරුණ ධනපාල ගේ උපදෙස් මත ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂක පහසුකම් කාර්යාලය මඟින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබූ අතර, එහිදී සේවා යාත්‍රා 05 ක පුද්ගලයින් සඳහා හදිසි ආපදා තත්වයකදී ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා දිමට කටයුතු කරන ලදී.