බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 980 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 19 වන දින පුත්තලම, එරම්බුගොඩැල්ල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 980 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් එරම්බුගොඩැල්ල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි වෙරළේ අතහැර දමා ගොස් තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් වශයෙන් අසුරා ඩිංගි යාත්‍රා දෙකක (02) තිබියදි මෙලෙස සොයා ගෙන ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කරනු ලබන මත්ද්‍රව්‍ය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට සමත්ව ඇත.