‘SPEAR’ අභ්‍යාසයේ නාවික හමුදා සාකච්ඡාව ත්‍රිකුණාමලයේදී

රාජකීය බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් කර්නල් රිචඩ් ජේම්ස් මෝල්ට්බි ගේ නායකත්වයෙන් යුත් බ්‍රිතාන්‍යයේ ඒකාබද්ධ බලකා මූලස්ථානයේ මෙහෙයුම් සම්බන්ධතා සහ පුනරුත්ථාපන කණ්ඩායම 2019 ජූලි 17 වන දින නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

එහිදී, එළඹෙන ඔක්තෝබර් මාසයේදී පැවැත්විමට නියමිත ‘SPEAR’ ඒකාබද්ධ යුද අභ්‍යාසයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත් අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක්, රාජකීය බ්‍රිතාන්‍ය හමුදාවේ නිලධාරින් සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගිවී සිටියහ.