ගිණිකොණ නාවික විධානයේ නව පිහිණුම් තටාකය සඳහා මුල්ගල තැබේ

ගිණිකොණ නාවික විධානයේ නව පිහිණුම් තටාකය සඳහා මුල්ගල තැබීම ගිණිකෙණ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල ගේ ප්‍රධානත්වයෙන් 2019 ජූලි 18 වන දින එම විධාන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඒ අනුව, ගිණිකොන නාවික විධානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන නාවික පුද්ගලයින්ගේ පිහිණුම් කුසලතාවයන් වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ස්ථාපිත කරනු ලබන මෙම පිහිණුම් තටාකය මාස තුනක් ‍වැනි කෙටි කාලයක් තුල ඉදිකිරීමට අපේක්‍ෂා කර ඇත. එම අවස්ථාව සඳහා ගිණිකොණ නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහනාඝ’ ආයතනයේ අණදෙන නිලධාරි ඇතුළු ගිණිකොණ නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් පිරිසක් සහභාගීවී සිටියහ.