ගාල්ල, රූමස්සල මුහුදු තීරයේ අනතුරට ලක් වූ නෞකාවේ සිටි පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදාව බේරා ගනී

ගාල්ල, රූමස්සල මුහුදු තීරයේදී අනතුරට ලක්ව තිබූ ‘ශ්‍රී ලංකා ග්ලෝරි’ නෞකාවේ සිටි පුද්ගලයින් 09 දෙනෙකු බේරා ගැනීමට 2019 ජූලි 18 වන දින නාවික හමුදාව සමත් වන ලදී.

ගාල්ල වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබු ‘ශ්‍රී ලංකා ග්ලෝරි’ නෞකාව එම නෞකාවේ සිටි නාවිකයින් ද සහිතව නැංගුරම ගැලවී දැඩි සුලං මධ්‍යයේ ගසාගෙන ගොස් රූමස්සල මුහුදු ප්‍රදේශයේ සිර වී ඇති අතර, නාවික හමුදාව මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස නාවික හමුදා යාත්‍රාවක් සමඟ සහන කණ්ඩායමක් ඒ සඳහා යෙදවීමට කටයුතු කෙරිණි. ඒ අනුව, නාවික හමුදා සහන කණ්ඩායම මඟින් නෞකාවේ සිටි පුද්ගලයින් බේරා ගෙන ගාල්ල වරාය පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.