වංකාලේ කළපු ප්‍රදේශයෙන් වෝටර්ජේල් කූරු කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 12 වන දින මන්නාරම, වංකාලේ කළපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි වලදමා තිබූ වෝටර්ජේල් කූරු කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් වංකාලේ කළපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි වල දමා තිබූ වෝටර්ජේල් කූරු කිහිපයක් මෙලෙස සොයාගෙන ඇත. එහිදී, වෝටර්ජේල් කූරු 5 ක් සහ අඟල් 06 ක් පමණ දිගැති ආරක්‍ෂිත වෙඩි නූලක් සහ විදුලි නොවන ඩෙටනේටර් 05 ක් සොයා ගෙන ඇත.