නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 27 වන දින මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි‍ මෙහෙයුමක් අතරතුරදි නීති විරෝධි ලෙස උල් සහිත යකඩ කූරු යොදා ගනිමින් මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශනයේදී වඳ වී යාමේ තර්ජනයට ලක්වූ මත්ස්‍ය විශේෂයකට අයත් මසුන් තිදෙනෙකු ද එහිදී සොයා ගෙන ඇති අතර, එම මසුන් රතු දත්ත පොතට ද ඇතුලත් වූ මත්ස්‍ය වර්ගයක් ලෙස හඳුනාගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 65 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 42, 49 සහ 54 වන වියෙහි පසුවන කාත්තන්කුඩි සහ මාතර ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන්, යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, අල්ලන ලද මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න මඩකලපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.

එමෙන්ම ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල ඇති සාගර සම්පත් සුරක්‍ෂිත කිරීම සඳහා නාවික හමුදාව කටයුතු කරනු ලබන අතර, මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.