හක් බෙල්ලන් 4017 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් 2019 ජුනි 18 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම ප්‍රදේශයේ යොදා ඇති මාර්ග බාධකයෙදී තලෙයිමන්නාරම සිට පේසාලේ දක්වා ගමන් කළ සැක කටයුතු කැබ් රථයක් පරික්‍ෂා කර ඇති අතර, එහිදී හක්බෙල්ලන් 1645 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහුගෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ෂන කටයුතුවලදි ඔහුගේ නිවසේ තිබී තවත් හක්බෙල්ලන් 2372 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 51 ක් වන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා, කැබ් රථය සහ හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කෙරිණි.