නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

නාවික හමුදාව සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2019 ජුනි 14 වන දින ත්‍රිකුණාමලය, ආන්දම්කුලම් ප්‍රදේශයේදී විදේශිය දුම්වැටි පැකට් 30 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකයට අනුයුක්ත නිලධාරින් එක්ව ආන්දම්කුලම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 30 ක් සමඟ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදි. එහි දුම්වැටි 600 ක් තිබි සොයා ගෙන ඇති අතර, ඒවා අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ත්‍රිකුණාමලය, ආන්දම්කුලම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56 ක් වන අයෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල පුද්ගලයා සහ නීති විරෝධී දුම්වැටි තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු ත්‍රිකුණාමලය, දිසා දූෂණ මර්ධන ඒකකය විසින් සිදු කරනු ලබයි.