නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම අන්තර් සමාජ ප්‍රිමියර් ලිග් ක්‍රිකට් අනුශූරතාවය දිනා ගනියි

2018/2019 අන්තර් සමාජ ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරඟාවලියේ පළමු පෙළ ‘බී’ කාණ්ඩයේ අනු ශූරතාවය හිමි කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

ඒ අනුව 2019 ජනවාරි මාසයේ ආරම්භ කරන ලද මෙම තරඟාවලිය 2019 මැයි මස 16 වන දින අවසන් වූ අතර, තරඟාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයින් සිය දක්‍ෂතා පිළිඹිබු කරමින් බී කාණ්ඩයේ අනුශූරතාවය හිමි කර ගන්නා ලදි. මෙම තරඟාවලියේදි නාවික හමුදා ක්‍රීකට් කණ්ඩායම නියෝජනය කළ පිතිකරුවන් අතරින් එම්ටීජි ඉද්දමල්ගොඩ ලකුණු 476 ක්, ලුතිනන් කොමාණ්ඩර් (සැපයුම්) ජීඑස් ලීලාරත්න ලකුනු 412 ක්, කේඑස්පී ‍ෆොන්සේකා ලකුණු 411 ක් සහ ඒඩීසී ද සිල්වා ලකුණු 400 ක් එස්එච්එන් ප්‍රනාන්දු ලකුණු 296 ක් ද හිමි කර ගත් අතර, පන්දු යැවිමේදි විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ එච්ජීකේ ඩිල්ෂාන්, ටීඑස්එස් පිරිස් සහ එම්ඒඩීඅයි හේමන්ත යන ක්‍රීඩකයින් පිළිවෙලින් කඩුලු 41, 38 සහ 20 ක් දවා ගනිමින් දෂ්කම් දක්වන ලදී.

එමෙන්ම මෙම තරඟාවලියේදී උඩපන්දු 14 ක් ලබා ගනිමින් වැඩිම උඩපන්දු ලබා ගත් ක්‍රීඩකයා ලෙස නාවික හමුදාවේ ලුතිනන් කොමාණ්ඩර් (සැපයුම්) ජීඑස් ලීලාරත්න සහ තරඟාවලියේ දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ලකුණු 291 ක් සහ කඩුලු 20 දවා ගත් නාවික හමුදාවේ එම්ඒඩීඅයි හේමන්ත සම්මාන හිමි කර ගන්නා ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ ‘බී’ කාණ්ඩය සඳහා ගුවන් හමුදාව, පොලීසිය ඇතුළු දිවයිනේ ප්‍රබල ක්‍රීඩා සමාජ 09 ක් සහභාගී විය.