‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතියේ ප්‍රේශණ පත් ප්‍රදානය කෙරේ

ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 46 දෙනෙකුට ප්‍රේශණ පත් ප්‍රදානය කිරීම ඊයේ (අප්‍රේල් 26) සිදු කෙරුණි.

ඒ අනුව 2019 වර්ෂයේ පළමු අදියර යටතේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මාතෘ භූමිය වෙනුවෙන් දිවි පුද කළ, ආබාධිතව විශ්‍රාම ලබා සිටින සහ අබාධිතව සක්‍රීය සේවයේ නියුතු නාවික පුද්ගලයින්‍ 46 දෙනෙකු සඳහා අදාල ප්‍රේශණ පත් ප්‍රදානය කිරීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි. ප්‍රතිලාභින් හට තම නිවාස වල පළමු අධියරේ ඉදිරිකිරීම කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා මෙම ප්‍රේශණ පත් ප්‍රදානය කරන ලදී.

එම ප්‍රේශණපත් නාවික පුද්ගලයින් හා පවුල් වල සාමාජිකයින් හට පිරිනැමිමේ අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (සුභසාධක) කොමාණ්ඩර් ඉන්දික එදිරිසිංහ සහ ඉඩම් සහ නිවාස ව්‍යාපෘතිය භාර ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (සුභසාධක) කොමාණ්ඩර් රොනී අතුකෝරල ඇතුළු නාවික හමුදා සුභසාධක අංශයේ නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.