නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව ගාල්ල, පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (මාර්තු 25) ගාල්ල නගරයේදී නීති විරෝධී දුම්වැටි 560 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 51 වන වියෙහි පසුවන බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. එම පුද්ගලයා සහ නීති විරෝධී දුම්වැටි තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු ගාල්ල, පොලීසිය විසින් සිදු කරනු ලබයි.