ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ මුහුදු පිහිනුම් තරඟාවලියේ පිරිමි ප්‍රථම ස්ථානය නාවික හමුදාවට

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් සංවිධානය කරන ලද කිලෝ මීටර් 2 මුහුදු පිහිණුම් තරඟාවලිය ඊයේ (මාර්තු 16) ශ්‍රී ලංකා ජිවිතාරක්‍ෂක පාසල පිහිටි බලපිටිය, මුහුදු තීරයේ උත්කර්ශවත් අයුරින් පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී විය.

තවද, මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇතුළුව දිවයින පුරා පිහිණුම් ක්‍රීඩා සංගම්වලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික පිරිසක් සහභාගිවි සිටි අතර, පැයයි විනාඩි 15 ක කාලයක් වර්තා කරමින් ‘ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකා අධ්‍යක්‍ෂ ජෙනරාල් අභියෝගතා කුසලානය’ නාවික හමුදාව නියෝජනය කළ බල නැවි නදීර පෙරේරා විසින් හිමි කර ගැනීමට සමත්වන ලදී.

පිහිණුම් තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් සමන්ත විමලතුංග සහභාගී වූ අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා, කොමදෝරු ජයන්ත ගමගේ ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ද සහභාගීවි සිටියහ.