අනුරාධපුර, මධ්‍ය විද්‍යාලීය CENEX 2019 අධ්‍යාපනික ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය
අනුරාධපුර, මධ්‍ය විද්‍යාලය විසින් සංවිධානය කල අධ්‍යාපනික ප්‍රදර්ශනය පසුගිය මාර්තු මස 06 වන දින සිට 08 වන දින දක්වා විද්‍යාලීය භූමියේදී පැවැති අතර, නව ලොවට ගැලපෙන පුර්ණ පෞරුෂයකින් යුත් විශිෂ්ඨ පුරවැසියන් බිහි කිරීම පෙරදැරි කර ගනිමින් මෙම ප්‍රදර්ශනය පැවැත්විමට කටයුතු යොදා තිබුණි.
මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය සඳහා නාවික හමුදා අභිමානය විදහා දැක්වෙන ප්‍රදර්ශණ කුටියක් ද ස්ථාපිත කර තිබූ අතර, ප්‍රදර්ශණය නැරඹීම සඳහා පැමිණි ජනතාවට නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රා, නිල ඇදුම්, නිලයන් හා තරාතිරම් සහ නාවික මෙහෙයුම් ඇතුළු නාවික හමුදාව සම්බන්ධ අනෙකුත් විස්තර සැකෙවින් දැන ගැනීමේ අවස්ථාව සළසා දී තිබිණි. එමෙන්ම, මෙම ප්‍රදර්ශනය සඳහා යුද්ධ හමුදාවේ සහ රාජ්‍ය ආයතන මෙන්ම පාසල් සිසු සිසුවියන්ගේ දස්කම් විදහා දැක්වෙන අධ්‍යාපනික වැදගත්කමකින් යුත් ප්‍රදර්ශන කුටි 108 ක් ඉදිරිපත් කර තිබුණි.
එහි සමාරම්භක දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු මැද ප්‍රදේශභාර නියෝජ්‍ය පොලිස්පති, එල්පීසීපී හඳුන්ගහවත්ත සහභාගී විය. එම අවස්ථාව සඳහා උතුරු මැද ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළුව විශාල පිරිසක් සහභාගිවි සිටි අතර, මෙම ප්‍රදර්ශනය නව ලෝකයට පිය නගන දැයේ දූ දරුවන්ට නව දැක්මෙන් යුතුව පැරණි දේ නොලසා එය රැක ගනිමින් තාක්‍ෂණික ලොවට පිය මන් කිරීමට හොද තෝතැන්නක් විය.
![](assets/images/news/event_news/2019/March/2019_03_09_a/1.jpg)
![](assets/images/news/event_news/2019/March/2019_03_09_a/2.jpg)
![](assets/images/news/event_news/2019/March/2019_03_09_a/3.jpg)
![](assets/images/news/event_news/2019/March/2019_03_09_a/4.jpg)
![](assets/images/news/event_news/2019/March/2019_03_09_a/5.jpg)
![](assets/images/news/event_news/2019/March/2019_03_09_a/6.jpg)
![](assets/images/news/event_news/2019/March/2019_03_09_a/7.jpg)
![](assets/images/news/event_news/2019/March/2019_03_09_a/8.jpg)
![](assets/images/news/event_news/2019/March/2019_03_09_a/9.jpg)
![](assets/images/news/event_news/2019/March/2019_03_09_a/10.jpg)
![](assets/images/news/event_news/2019/March/2019_03_09_a/11.jpg)
|