හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (පෙබරවාරි 28) මන්නාරම, වංකාලේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් ග්‍රෑම් 2.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙරොයින් යතුරු පැදියක් මඟින් ප්‍රවාහන කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් සිලාවතුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 සහ 30 වන වියෙහි පසුවන අයවළුන් බව හඳුනාගෙන ඇත. එම පුද්ගලයින්, හෙරොයින් සහ යතුරු පැදිය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.