හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (පෙබරවාරි 28) මන්නාරම, වංකාලේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් ග්‍රෑම් 2.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

28 Feb 2019

ජ්‍යේෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (පෙබරවාරි 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

28 Feb 2019

‘සමුද්‍රිකා’ යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා ඒකකයට එක්වෙයි

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් සිය ජල ශාස්ත්‍රීය සේවාව සිදු කිරීම සඳහා යොදා ගන්නා ලද පර්යේෂණ යාත්‍රාවක් වන ‘සමුද්‍රිකා’ යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ඒකකය වෙත නිල වශයෙන් භාර දීම අද නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි.

28 Feb 2019

‘සයුරළ’ නෞකාව සාර්ථක පුහුණු සංචාරයකින් පසු යලි දිවයිනට

පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පසුගිය පෙබරවාරි 02 වන දින කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව සාර්ථක ලෙස සිය නාවික අභ්‍යාසය නිම කිරීමෙන් පසු අද (පෙබරවාරි 28) දිවයිනට ලඟා විය. සයුරළ නෞකාව කොළඹ වරායට සේන්දුවිමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව වරාය පරිශ්‍රය වෙත පිළිගැනීමට කටයුතු කෙරුණි.

28 Feb 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 42.3 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (පෙබරවාරි 28) උදෑසන මන්නාරම, පුතුකුඩිඉරුප්පු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 42.3 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

28 Feb 2019